
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල වෙනසක් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයට අනුව, එක්දින තරගාවලියේ තරග තුනම මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
කෙසේවෙතත් මීට පෙර එම තරග සැලසුම් කර තිබුණේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටය.
ඒ අනුව, එක්දින තරගාවලිය ලබන 09 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
දෙරට අතර තරගාවලියට ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ පන්දුවාර 20යි 20 තරග තුනක් ඇතුළත් වේ.
ටෙස්ට් තරගය කොළඹ SSC පිටියේදී පැවැත්වෙන අතර පන්දුවාර 20යි 20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart