
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විශ්වාසය පළකරයි.
වත්තල ප්‍රදේශයේදී ජනමාධ්‍යවේදීන් අමතමින්, ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකින් පසු, ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ICC විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන ලදී.
ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ, මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු ICC නිලධාරීන් සමඟ මෑතකාලීනනව සිදුකළ සන්නිවේදනයෙන් අනතුරුවය.
ඇමැතිවරයාට අනුව, ICC සමඟ සාකච්ඡා ‘ඵලදායක’ වූ අතර, නියෝජිත පිරිස ගැටළු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වූ බව පෙනීගොස් ඇත.
මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් සැළකිව යුතු පහරක් එල්ල කර ඇති අතර, ශ්‍රී ලංකාවට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සහ වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය අහිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart