
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද(30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
එම විශේෂ පොලිස් කණ්ඩායම, දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවලද සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව හෙට(31) පස්වරුවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර ඉන්දුනිසියාවේදි අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දරුවා ඊයේ(29) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.
පොලීසිය පැවසුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කල බවයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීතිවිරෝධීව උපයාගත් වත්කම් සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා නීතිවිරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිලදී ගෙන ඇති චංචල හා නිෂ්චල දේපල රැසක් සම්බන්ධයෙන් මේ වන විටත් කරුණු අණාවරණ වී ඇති අතර, පොලිසිය පැවසුවේ, කමාන්ඩෝ සලින්ත නැමැත්තාගේ දේපල කිහිපයක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති බවයි.
කෙහෙල්බද්දර පද්මේ ප්රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලි තුනක නායකයන් ඇතුළු 06 දෙනකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය පෙරේදා(28) සමත් විය.
ඒ , ශ්රී ලංකා පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය සහ අන්තර්ජාතික පොලීසිය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකිනි.
කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ පානදුරේ නිලංග නමින් හදුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ද ඒ අතරට ඇතුළත් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ සහ දරුවා ද අයත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart