
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 15,000 ක් සඳහා විශේෂ පෝෂණ අතිරේකයක් ලබාදීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කරන්නේ, යුනිසෙෆ් ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.
ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණය පසුගියදා අනාවරණය කර තිබිණි.
යුනිසෙෆ් ආයතනය මැදිහත්වී සිදුකළ පර්යේෂණයකදි එම තොරතුරු අනාවරණවී ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කර ඇත.
මෙරට පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බව ද, එම වාර්තාවෙන් පෙන්වා දෙන බව මන්ත්‍රීවරයා පෙන්වාදී තිබුණේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart