
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා යුද හමුදාවේ අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා යෙදවීම වෙනුවෙන් චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ඉතා දියුණු හමුදා මෝටර් රථ 11 ක් ශ්‍රී ලංකාවට භාරදී ඇත.
වැඩබලන ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම හදිසි අණ සහ සන්නිවේදන පද්ධති රථ පෙළ යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාරගන්නා ලදී.
අති නවීන සන්නිවේදන උපාංග ඇතුළත් මෙම වාහන මුලින් නිර්මාණය කර ඇත්තේ යුදමය අරමුණු සඳහා ය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ විසින් හමුදාවෙන් හමුදාවට පරිත්‍යාග පිළිගැන්වීමෙන් අනතුරුව, ඇමැති තෙන්නකෝන් විසින් එම වාහන ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භාර දුන් අතර, ඔහු විසින් සංකේතාත්මකව එම වාහන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත ප්‍රදානය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart