
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගමුව ප්‍රදේශයේ HIV ආසාධිතයන් දෙදෙනකු හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රහසිගතව ගණිකා සේවය ලබාදෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවල ස්පා මධ්‍යස්ථාන වසා දැමීමට ආසන්න බව වාර්තා වේ.
ස්පා මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මඩම්වල සේවයේ නියුතු කාන්තාවන් HIVවලට බියෙන් එම ආයතනවලින් ඉවත්වීමට පටන් ගෙන ඇති බව වාර්තා අනාවරණය කරයි.
විශේෂයෙන් නුගේගොඩ සහ තලවතුගොඩ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ස්පා මධ්‍යස්ථානවලට මෙම තත්වය දරුණු ලෙස බලපා ඇත්තේ, ඉන් සැලකිය යුතු ස්ථාන සංඛ්‍යාවක රහසිගතව ගණිකා වෘත්තිය ක්‍රියාත්මක වන බැවිනි.
මීගමුවේ පොලිසිය විසින් පසුගියදා සිදුකළ මහාපරිමාණ වැටළීමකදී ස්පා සහ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 53ක් සොයාගෙන ඇති අතර, ඒවායේ සිටි කාන්තාවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ පොලිස් බුද්ධි අංශ විසින් රැස්කරන ලද බුද්ධි තොරතුරු මගිනි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු තමාට HIV අසාදනය වී ඇති බව හෙළිකර ඇති අතර, තමා මිගමුව ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථානවලය යන බවද සඳහන් කර තිබේ.
මෙම වැටළීම් සිදුකිරීමට එම අනවරණයද හේතුවී ඇතැයි පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart