
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදියකින් පැමිණි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු අහංගම නගරයේදී මාර්ගය අයිනේ වැසි ජලය බැස යන කාණුවකට වැටී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගාල්ල – මාතර මාර්ගයේ අහංගම තැපැල් කාර්යාලය අසලදී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අනාරක්ෂිත කාණුවට වැටී ඇති බවය.
පොලිසිය ඔහුව හබරාදූව කළුගල දිස්ත්‍රික් රෝහලට රැගෙන ගොස් ඇති අතර, පසුව ස්පාඤ්ඤ ජාතිකයා මිය ගොස් ඇත. අහංගම නගරයේ හෝටලයක නවාතැන් ගෙන සිටි 30 හැවිරිදි සංචාරකයා වෙනත් හෝටලයක පැවති උත්සවයකට සහභාගි වී ආපසු හෝටලයට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිරුරේ බාහිර තුවාල ඇති බවට කිසිදු සළකුණක් නොමැති බැවින් ඔහු වැසි ජලය පිරුණු කාණුවේ ගිලී මිය යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart