
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ චෙන්නායි හි ඊයේ ආරම්භ වු දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මිටර 800 පිරිමි ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සවිදු අවිශ්ක සමත් විය. ඔහු එහිදි විනාඩි 1යි තත්ත්පර 49 යි දශම 83කින් තරගය නිමකළේය.
එම ඉසව්ව නියෝජනය කළ දිනෙත් ලියනගේ හතරවැනි ස්ථානය හිමිකරගත් අතර ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1යි තත්ත්පර 56යි දශම 76ක් විය.
කාන්තා මීටර් 800 ඉසව්ව විනාඩි 2යි තත්ත්පර 10 යි දශම 17කින් නිමකළ තරුෂි අහිෂේකා එම ඉසව්වේ රන් පදක්කම ජයගැනිමට සමත්විය. විනාඩි 2යි තත්ත්පර 12යි දශම 13කින් තරගය නිමකළ සන්සලා හිමාෂිනි මිටර 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ජයගත්තාය.
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළේලේ කාන්තා උස පැනීම ඉසව්වේ රිදී පදක්කම නෙතාරා සමාධිට සහ කෂ්මිකා තිමේෂිට හිමිවූයේ ඔවුන් දෙදෙනාම මීටර් 1යි දශම 65ක දක්ෂතාවක් දැක්වීමට සමත්වූ හෙයිනි.
එමෙන්ම, දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි යගුලිය දැමීම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට ජයවි අල්විස් සමත්විය. එහිදී ඔහු මීටර් 15යි දශම 69ක දක්ෂතාවක දක්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart