
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විනෝදය සඳහා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් තමන් ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා ඊයේ(03) හෙළි කළේය.
29 හැවිරිදි රබාඩා, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් තරඟ දෙකකට පමණක් ක්‍රීඩා කිරීමෙන් පසු පසුගිය මාසයේ පෞද්ගලික හේතූන් මත දකුණු අප්‍රිකාවට ආපසු ගොස් තිබිණි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක, රබාඩා පැවසුවේ ‘විනෝදාත්මක මත්ද්‍රව්‍යයක්’ භාවිත කිරීම සම්බන්ධ සිද්ධියක් මත ඔහුගේ නොපැමිණීම හේතුවෙන් ඔහුට තාවකාලික අත්හිටුවීමක් ලැබුණු බවයි.
එම ප්‍රකාශයේ අත්හිටුවීමේ කාලය හෝ රබාඩා නැවත ක්‍රීඩා කරන්නේ කවදාද යන්න නිශ්චිතව දක්වා නැත.
කෙසේවෙතත් රබාඩා පැවසුවේ තමන් කැමති ක්‍රීඩාවට නැවත පැමිණීමට බලාපොරොත්තු වන බවයි.
ගුජරාටයට IPL හි ලීග් අදියරේ තරඟ හතරක් ඉතිරිව ඇති අතර, අඟහරුවාදා මුම්බායි ඉන්දියන්ස් සමඟ තරඟයකින් එම තරග හතර ආරම්භ වේ.
ඔවුන්ගේ තරඟ 10න් හතක්ම ජයග්‍රහණය කිරීමෙන් පසු කණ්ඩායම ප්ලේ-ඕෆ් සඳහා සුදුසුකම් ලැබීමට ද හොඳින් ස්ථානගත වී සිටී.
රබාඩා දකුණු අප්‍රිකාවේ ප්රමුඛ වේග පන්දු යවන්නා වේ.
ඔහු ටෙස්ට් තරග 70කදී කඩුලු 327ක් දවාගෙන ඇති අතර ජුනි 11 වන දින ලන්ඩනයේ ලෝඩ්ස් හිදී ආරම්භ වන ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
“මම බලාපොරොත්තු කඩ කිරීම ගැන සියලු දෙනාටම කණගාටුව පළකරනවා. ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරප්‍රසාදය මම කිසි විටෙකත් සුළු කොට සළකන්නේ නැහැ. මෙම වරප්‍රසාදය මට බොහෝ විශාලයි. එය මගේ පෞද්ගලික අභිලාෂයන් ඉක්මවා යනවා.” යනුවෙන් ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart