May 20, 2026

වසර දෙකකට පෙර කන්දකින් ඇද වැටී මියගිය Mango විලාසිතා ව්‍යාපාරයේ  නිර්මාතෘ බිලියනපති අයිසැක් ඇන්ඩික්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ.

45 හැවිරිදි ජොනතන් ඇන්ඩික් මිනීමැරුම් සැකය මත අත්අඩංගුවට ගත් අතර අනතුරුව ඔහු බාර්සිලෝනා අසල පිහිටි මාර්ටොරෙල් නගරයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඔහුගේ 71 හැවිරිදි පියා, 2024 දෙසැම්බර් මාසයේදී බාර්සිලෝනා අසල මොන්සෙරාට් ගුහා ආශ්‍රිත ප්‍රදේශයේ තම පවුලේ සාමාජිකයන් සමඟ කඳු නැගීමේ නිරත වෙමින් සිටියදී මීටර් 100 කට වඩා වැඩි උසකින් බිමට ඇද වැටී මිය ගියේය.

කැටලෝනියානු ප්‍රාදේශීය පොලිසිය වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රකාශකයෙකු පැවසුවේ පියා වන අයිසැක් ඇන්ඩික් ඝාතනය කිරීමේ සැකය මත ජොනතන් ඇන්ඩික්ව අත්අඩංගුවට ගත් බවයි.

“එම අනතුර සිදු වූ අවස්ථාවේදී ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කර තිබුණේ, මොන්සෙරාට් කඳු පන්තියට අයත් ප්‍රදේශයක කඳු නැගීමේ යෙදී සිටියදී ඇන්ඩික් මහතා ප්‍රපාතයකින් පහළට ඇද වැටී මියගිය බවයි.මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ව්‍යාපාරික අයිසැක් ඇන්ඩික් මහතා සමඟ ජොනතන් ද සිට තිබෙනවා හෙලිකොප්ටර් යානා සහ සෙවුම් හා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා මහා පරිමාණ හදිසි මෙහෙයුමක් දියත් කළද, ඇන්ඩික් දරුණු ලෙස තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් සිටියේය.

ඇන්ඩික් පවුල විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2024 දෙසැම්බර් 14 වන දින සිදු වූ අනතුර සම්බන්ධයෙන් ජොනතන් ඇන්ඩික් අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.