Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙනවිත් අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටළීමකදී මගී බස්රථ හිමිකරුවකුගේ තලංගම පිහිටි නිවෙසක තිබී විවිධ පුද්ගලයන්ට අයත් හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්ර 29ක් හමුවී තිබේ.
ජාතික හැඳුනුම්පත් විසිදෙකක්, රියැදුරු බලපත්ර හයක් සහ පොලිස් සැරයන්වරයකුගේ පොලිස් හැඳුනුම්පතක් ඒ අතර තිබී ඇත.
මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සහ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, බස් රථවල වැටී තිබී හමු වූ මුදල් පසුම්බිවල තිබුණු හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්ර ඔහු මෙසේ තමා ළඟ තබාගෙන සිට ඇති බවය.
මුදල් සහ හැඳුනුම්පත් තබාගෙන මුදල් පසුම්බි විසි කර ඇති බවත් එම මුදල් පසුම්බි සහ හැඳුනුම්පත් හිමිකරුවන්ට ලබානොදී ඔහු සිය සන්තකයේ තබාගෙන සිට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
මෙසේ ඔහු හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්ර රැස්කර ඇත්තේ නීතිවිරෝධී ක්රියාවක් සඳහා යොදාගැනීමට දැයි සැකයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ඇතිවී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් තලංගම කන්දවත්ත පාරේ පිහිටි මගී බස්රථ එකොළහක හිමිකරුවෙක් බව කියන පුද්ගලයකුගේ නිවෙසක් පෙරේදා වටළා ඇත්තේ එම නිවසේ නීතිවිරෝධී දුම්වැටි ඇති බවට ලද තොරතුරකට අනුවය.
එහිදී නිවෙසේ ගරාජයක තිබී විවිධ වර්ගයේ දුම්වැටි හාරදහසක් පමණ සොයාගෙන තිබේ.
අනතුරුව නිවෙස පරීක්ෂා කිරීමේදී හැඳුනුම්පත් සහ පොලිස් සැරයන්වරයාගේ නිල හැඳුනුම්පත හමුවී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා සැකකාර බස්රථ හිමිකරු තලංගම පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart