
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇතැම් විශ්වවිද්‍යාල දේශපාලනඥයන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාලවලට ආරාධනා කිරීමට සැලසුම් කර ඇති බවත් එවැනි ක්‍රියාමාර්ග නතර කළ යුතු බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ, විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම නතර කළ යුතු බවයි.
“සමහර විශ්වවිද්‍යාල දේශපාලකයන්ට ජනාධිපති අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාලවලට ආරාධනා කරන්න හදනවා කියලා මට දැන ගන්න ලැබුණා. මේක නතර කරන්න. කරුණාකරලා විශ්වවිද්‍යාල දේශපාලනය කරන එක නවත්වන්න. විශ්වවිද්‍යාල කියන්නේ අධ්‍යයන කටයුතුවලට. දේශපාලනය ඒ විෂය පථය තුළ සාකච්ඡා කරනවා. කෙසේවෙතත් ඒක පාර්ශවික නොවිය යුතුයි. උත්සව සඳහා විශ්ව විද්‍යාලවලට ආරාධනා කළ යුත්තේ කාටද යන්න සෙනෙට් සභාව සහ එහි විද්වතුන් තීරණය කළ යුතුය, ”ඔහු පැවැසීය.
විශ්වවිද්‍යාල තුළ නවකවධය පිළිබඳව සඳහන් කරමින් ඔහු කියාසිටියේ, 1997 ක්ෂණික ඇමතුම් අංකය ස්ථාපිත කිරීමෙන් පසු පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා නවකවධය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් පමණ ලැබී ඇති බවයි.
නවකවධය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට වසර 12 ක උපරිම සිර දඬුවමක් පැනවිය හැකි බවද ඔහු පැවැසීය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ සිසුන් හයදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඔවුන් නවකවධය සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගත් බවත්, මිතුරන් පිරිසක් සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart