
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අස්වැසුම ප්රතිලාභ ලබන ඇතැම් පුද්ගලයන් පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂාව සහ ප්‍රජා සවිබල ගැන්වීම් පිළිබඳ අමාත්‍ය උපදේශන කමිටුවේ සමාරම්භක රැස්වීමේදී අනාවරණය වී තිබේ.
අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්ව තිබිණි.
ඒ අනුව, මෙම තත්ත්වය සොයාබැලීම සඳහා රජයේ හදිසි මැදිහත්වීමේ අවශ්‍යතාව ද කමිටුවේ අවධානයට යොමුව තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතයට නිරාවරණය වීම වැලැක්වීම සඳහා පාසල් මට්ටමින් වඩාත් ඵලදායී දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාව එහිද අවධාරණය කෙරිණි.
අස්වැසුම සහනාධාර ලබන ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව පෙන්වා දුන් කමිටුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැවැසුවේ, ඒ සඳහා මැදිහත්වීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බවයි.
අඩු ආදායම්ලාභීන් සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවලට සමාන සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම, ආදර්ශ ප්‍රජා සවිබල ගැන්වීමේ ගම්මාන හරහා ‘ස්මාර්ට් ගම්මාන’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය ණයවල අභියෝගවලට විසඳුම් සෙවීම, ආබාධ සහිත පුද්ගලයන් මුහුණදෙන ගැටලු විසඳීම සහ වකුගඩු රෝගීන් සම්බන්ධ ගැටලු විසඳීම කෙරෙහි අමාත්‍යාංශ උපදේශක කමිටුවේ අවධානය යොමුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart