
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිගේ මරණය හා ශල්‍යකර්මය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හෝ කොළඹ ජාතික රෝහල මගින් පුළුල් විමර්ශනයක් කළ යුතු බව ආචාර්ය සෝමරත්න දිසානායක පවසා තිබේ.
ජැක්සන් ඇන්තනි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමෙන් පසු සිදු වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය දිසානායක මේ බව පවසා ඇත.
වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මෙසේද සඳහන් කර ඇත.
“එදා අනතුර වූ දා අපි අනුරාධපුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන එද්දී පසුදා පාන්දර 4.00ට වගේ වුණා. ඇත්තට ම එදා දවසේ ජැක්සන් ශල්‍යකර්මයට ගත්තේ නෑ. ඒ වගේම පසුවදා ඒ ශල්‍යකර්මයට සූදානමින් සිටි ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ඒ සඳහා සම්බන්ධ කර ගත්තෙත් නෑ. ඒ වෛද්‍යවරයා ශල්‍යකර්මයට සූදානමින් ඒ ඇඳුම් පැලඳුම්වලින් පවා සූදානම් වී සිටියා. ඒ බව මම දැක්කා.
ඒත් ඒ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීම ගැන විවිධ කතා අපට එදත් ඊට පසුවත් ඇසුණා. ඇයි මෙහෙම වුණේ? ඒ අඩුව නිසා ජැක්සන්ගේ ශල්‍යකර්මයට ප්‍රශ්නයක් වුණා ද? අපි මේවා දැන ගන්න ඕන. ඒ නිසා ඒ පැහැදිලි කිරීම කොළඹ ජාතික රෝහල කළ යුතුයි. ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart