
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොෆ්ට්ලොජික් හෝල්ඩිං ඊයේ ප්‍රකාශ කළේ, එහි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම විසින් ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන බාටා(Bata) හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් 14වැනිදා මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුව ඇති අතර, ඒ වෙනුවෙන් සොෆ්ට්ලොජික් විසින් ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 293 කි.
මෙහිදී සොෆ්ට්ලොජික් විසින් Bataහි 100% ක පූර්ණ කොටස් හිමිකාරීත්වය ද අත්පත් කර ගෙන තිබේ.
Bata Shoe Company of Ceylon Limited ලෙසින් මීට පෙර හඳුන්වන ලද මෙම සමාගම 1950 වසරේ මෙරට සංස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය වසර 73 ක් පුරා ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත, නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වෙයි.
Footwear Retailer Ltd (Bata Shoe Company of Ceylon Limited) හි ප්‍රධාන කර්මාන්තශාලාව රත්මලානේ පිහිටා ඇත.
එහි 150 කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සේවයේ නියුක්තව සිටී. එහි Bata, North Star, Power, Bubblegummers, Weinbrenner, Sandak, Ambassador යනා දී අන්තර්ජාතික සන්නාම ඇතුළු සන්නාම 20කට අධික නිෂ්පාදිතයන් මෙම කර්මාන්තශාලාවේ නිපදවනු ඇත.
පහතින් දැක්වෙන්නේ, මෙම මිලදී ගැනීම දැනුම්දෙමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යැවූ සම්පූර්ණ ලිපිය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart