
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අතර සිදු වූ පටිගත කළ දුරකථන සංවාදයක් ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2022 ජූලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීම සම්බන්ධයෙන්ද පියත් නිකේෂල පසුගිය වසරේ ජුනි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart