
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල හදිසි පරීක්ෂාවන් සිදුකරන ‘පියාසර බලකාය’ විසුරුවා හැර ඇත.
එම ඒකකයේ නිලධාරීන් දිගින් දිගටම සිදුකරන අක්‍රමිකතා වාර්තා වීම නිසා මෙලෙස බලකාය විසුරුවා හැර තිබේ.
ශ්‍රී ලංගම සභාපති ලලිත් ද අල්විස් පවසන්නේ, ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට අනුයුක්ත පියාසර බලකා සාමාජිකයන්, විනය විරෝධී බස් කොන්දොස්තරවරුන්ගෙන් මුදල් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වීම නිසා තාවකාලිකව එම බලකාය විසුරුවා හරින ලද බවයි.
ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම වැනි සිද්ධීන් හඳුනාගැනීම සඳහා, ධාවනය වන බස් රථ අහඹු පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංගමය විසින් පියාසර කණ්ඩායම් යොදවයි.
මගීන්ට ටිකට් නොදී මුදල් අයකරන කොන්දොස්තරවරු හේතුවෙන් ලංගමට දිනකට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 20ක් පමණ වේ.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart