
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික එස්.සී.මුතුකුමාරණ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
එස්.සී.මුතුකුමාරණ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එස්.සී.මුතුකුමාරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඔහු පත්කර ඇත.
පසුගිය මාසයේදී උද්දික ප්‍රේමරත්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කළේය.
තරුණ නායකයෙකු ලෙස වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් තමන් දේශපාලන කරළියට පැමිණි නමුත් පසුගිය වසර කිහිපය තුළ ඒ සඳහා අවස්ථාව නොලැබුණු බැවින් තනි පුද්ගලයෙකු ලෙස තම කටයුතු ඉදිරියට ගෙන යෑම දුෂ්කර වූ බව උද්දික ප්‍රේමරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart