
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාවය මත පමණක් ක්‍රියා නොකර වගකීම් නිසි ලෙස ඉටු නොකරන ඇමතිවරුන් ඉවත් කර සුදුසු අය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහද නොසතුටින් සිටින බව පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, හොඳින් වැඩ නොකරන ඇමැතිවරුන් ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි.
“ඔවුන්ගේ වැඩ වරින්වර නිරීක්ෂණය කිරීම ජනාධිපතිතුමාගේ යුතුකම. හුදු දේශපාලන බලය රඳවා ගැනීමට ක්‍රියා නොකර, තම වගකීම් ඉටු කරන්නේ කවුද, නොකරන්නේ කවුද යන්න ජනාධිපතිතුමා තීරණය කළ යුතුයි. හරියට වැඩ නොකරන කෙනෙක් ඉන්නවා නම් ඒ අය අයින් කරලා ඒ වෙනුවට සුදුසු අය දාන්න ඕනේ.” යැයි ලේකම්වරයා සඳහන් කරයි.
එවැනි ඇමැතිවරුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතයුත්තේ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ නොසළකා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart