
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂ (UNP) සාමාජිකයන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ වන විට චීනයේ සංචාරයක නිරත වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මිලින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව එම නියෝජිත පිරිස අධ්‍යාපන චාරිකාවක් සඳහා චීනයට පැමිණ සිටින බවයි.
රාජ්‍ය අමාත්‍ය ඩීවී චානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පාක්ෂිකයින් 5 දෙනෙකුගෙන් මෙම නියෝජිත කණ්ඩායම සමන්විත වේ.
“චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට කල ආරාධනයක් පරිදි අපි පහළොස් දෙනෙක් මේ සතියේ චීනයේ දේශපාලන අධ්‍යාපන චාරිකාවක නිරතවෙනවා.” යැයි මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart