
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ඇතුළු විපක්ෂ පක්ෂ නායකයන් කිහිපදෙනෙකු ඊයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර, ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියට යෑමට සහයෝගීව කටයුතු කිරීමට එකඟ වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, උදය ගම්මන්පිල, මනෝ ගනේසන් සහ පී. දිගම්බරම් යන අය රනිල් වික්‍රමසිංහ හමුවී පළාත් පාලන ආයතනවල සහයෝගයෙන් කටයුතු කිරීමට මෙලෙස තීරණය කර ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළේය. නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළහ. අනුර යාපා පොදුජන පෙරමුණ, උදය ගම්මන්පිල සර්වජන බලය, මනෝ ගනේසන් සහ පී. දිගම්බරම් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කළහ. ජීවන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කළේය. පක්ෂ මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක සහ හරින් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරන එජාප මහලේකම් තලතා අතුකෝරල මෙසේ සන්ද්දහන් කරයි.
‘ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ අද (14) එකඟතාවයකට පැමිණියහ.
මෙම එකකතාවය ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් හෙට (15) දිනයේදීම හමුවීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා,දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් .සී දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වූහ.
සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරනු ලැබීය.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart