
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් කැබිනට් අමාත්‍යාංශවලට වඩා අඩු දෙයක් තමන්ට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
කැබිනට් අමාත්‍යාංශ ඉල්ලා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සනසාලීම සඳහා, ඔවුන්ගෙන් සමන්විත ‘උසස් කාරක සභාව’ නමින් වෙනම ආයතනයක් පිහිටුවා ඔවුන්ට වගකීම් පැවරීමට ආණ්ඩුව යෝජනා කර ඇතැයි පැවැසේ.
යෝජිත ‘උසස් කාරක සභාවේ’ රැස්වීම් සඳහා මෙම මන්ත්‍රීවරුන් කැඳවූ නමුත් ඔවුන් කිසිවිටෙක ඒ සඳහා නොපැමිණි බව වාර්තා සඳහන් කරයි.
“අපිව ගිය සතියේ සඳුදා සහ මේ සතියේ සඳුදා රැස්වීම්වලට කැඳෙව්වා. ඒත් අපි කවුරුත් ගියේ නැහැ” යැයි මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරක් පැවසි.
තවත් විකල්පයක් ලෙස මෙම මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට වාහන, දීමනා වැනි වරප්‍රසාද සමඟ තනතුරු පිරිනැමීමට ආණ්ඩුව කටයුතු කළ නමුත් මන්ත්‍රීවරුන් එයද ප්‍රතික්ෂේප කර ඇතැයි පැවැසේ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කැබිනට් මණ්ඩලය වැඩි කිරීමට සූදානම් නැති බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට 30 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පවත්වාගත හැකිය.
ඒ අනුව, අවශ්‍ය නම් තවත් ඇමතිවරුන් අට දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart