
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු 10ක් පමණ විභාග වෙමින් පවතින බව අනාවරණය වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා බලධාරීන්ට රට තුළ කළු මුදල සංසරණයට එරෙහිව සටන් කිරීමේ ඉලක්කයට අත ගැසීමෙන් පසු අවම වශයෙන් මුදල් විශුද්ධිකරණය පිළිබඳ වැරදි 10ක් ඉහළ අධිකරණවල ගොනුවී පවතින බව මහා භාණ්ඩාගාර නිලධාරීහු පවසති.
මුදල් විශුද්ධිකරණය යනු නීතිවිරෝධී ලෙස උපයාගත් අරමුදල්, ඒවායේ සත්‍ය මූලාරම්භය වසන් කරමින් නීත්‍යානුකූල ලෙස පෙන්වීමේ ක්‍රියාවලියයි.
මින් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව කටයුතු කරන අතර, පසුගිය වසර තුළ අවම වශයෙන් හයදෙනෙකු හෝ හත්දෙනකු වරදකරුවන් වූ බව නිලධාරීහු සඳහන් කරති.
මුදල් විශුද්ධිකරණය සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත්, ඵලදායි සම්බාධක පනවමින් වැරදිකරුවන්ට නඩු පවරන ලෙසත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල රජයෙන් ඉල්ලා සිටීමෙන් පසුව මේවා ක්‍රියාත්මක විය.
කෙසේවෙතත්, මෙම වැරදි පිළිබඳ මධ්‍යගත දත්ත ගබඩාවක් නොමැති බවට නිලධාරීහු කනස්සල්ලට පත්ව සිටිති.
“මෙම වැරදි කලාපීය රටවල ද සිදු වන අතර එම රටවල අධිකරණ මගින් වරදකරුවන්ට දඬුවම් ක්‍රියාත්මක කරයි. දැන් අපි මෙම සම්බන්ධ දත්තවල කලාපීය දත්ත ගබඩාවක් මත වැඩ කරමින් සිටිමු,” මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ‘බිස්නස් ටයිම්ස්’ වෙත පවසාඅ ඇත.
සීමිත සම්පත්, ධාරිතා හිඩැස් සහ නියාමන ආයතන අතර සම්බන්ධීකරණයේ ඌනතාවය රටේ මුදල් විශුද්ධිකරණයට එරෙහි ප්‍රයත්නයන්ට බාධා කරයි.
ශ්‍රී ලංකා මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශන ඉතිහාසයේ වරදකරුවන් 20 කට වඩා අදාළව විභාග වී නොමැති බවද වාර්තා වේ.
මෙයට මූලික හේතුව සම්පත් හිඟකම බව ද එම නිලධාරීහු පවසති.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන මගින් අල්ලස හා දූෂණයට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර ශ්‍රී ලංකාව ඇතැම් වගන්ති යටතේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart