
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකාවේ මාසික කිරිපිටි පරිභෝජනය අඩකට වඩා අඩු වී ඇති බව වාර්තා වේ.
සීමාසහිත Capital Alliance (CAL) විසින් ඊයේ (28) පැවැත්වූ වැඩසටහනකට එක්වෙමින් මැලිබන් සමූහයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මේ බව අනාවරණය කළේය.
ඔහුට අනුව පූර්ව කොවිඩ් කාලයේ මෙට්‍රික් ටොන් 7,000 ක් වූ ශ්‍රී ලංකාවේ මාසික කිරිපිටි පරිභෝජනය පසුගිය වසර තුන තුළ මෙට්‍රික් ටොන් 3,000 දක්වා පහත වැටී ඇත.
කිරිපිටි මිල ඉහළ යෑම මෙලෙස පරිභෝජනය අඩුවීමට ප්‍රධාන ලෙසම බලපා තිබේ.
කිරිපිටි අලෙවි ප්‍රමාණයෙන් 70%කට පමණ දායක වූ ග්‍රෑම් 400 අලෙවිය මේ වනවිට 50% දක්වා පහත බැස ඇති බවද ඔහු සඳහන් කළේය.
මිල ඉහළ යෑම ඇතුළු සාධක හේතුවෙන් සමස්ත නිවාස මිලියන 5.6 න් මිලියන 1.7 ක පමණ පවුල් කිරි සහ බිස්කට් භාවිතය නතර කර ඇති බව ද හෙතෙම පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart