
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මාර්ග සංඥා අසල යාචකයන්ගේ සිඟාකෑම් උවදුරක් ලෙස පැතිර තිබීම නිසා SMMT සමුළුව හෙවත් මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික මෝටර් රථ වාර්ෂික සමුළුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට තීරණය වී ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2015 වසරේ කොළඹ පැවති එම අන්තර්ජාතික මෝටර් රථ සමුළුවට සම්බන්ධ ආසියා ශාන්තිකර කලාපීය රැස්වීමකට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දුන් අතර නියෝජිතයන් 150 දෙනෙකු ඊට සහභාගී වූ බවයි.
2025 දී SMMT අන්තර්ජාතික මෝටර් රථ සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ලංසුවක් ඉදිරිපත් කළ මහා සභා රැස්වීම රුවන්ඩාවේ පැවති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“කලාපීය රැස්වීමට සහභාගී වූ නියෝජිතයන් කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසල හිඟන්නන් හිඟාකන ආකාරය දැක තිබෙනවා, එය ඔවුන්ට කොළඹ විවිධ ස්ථානවලට ගමන්කිරීමේදී අප්‍රසන්න අත්දැකීමක් වූ බව සහ එමගින් සැළකිව යුතු වාහන තදබදයක් ඇති කළ බව සඳහන් කර තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
සමුළුව සඳහා වන ලංසුව ජයග්‍රහණය කිරීමෙන් විවිධ රටවලින් නියෝජිතයන් රැසක් මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රටට සැළකිව යුතු විදේශ ආදායමක් උපයා ගැනීමට හැකිව තිබු බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, රුවන්ඩාවේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමෙන් ලැබුණු පණිවුඩයේ දක්වා ඇත්තේ කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසල සිටින යාචක උවදුර හේතුවෙන් ඔවුන්ට SMMT අන්තර්ජාතික මෝටර් රථ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නොහැකි බවයි.
නගර සීමාව තුළ සිටින යාචකයන්ගේ සිඟාකෑම මෙරට කීර්ති නාමයට කැළලක් බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
එබැවින්, 2025 දී ශ්‍රී ලංකාව මෝටර් රථ කර්මාන්තයේ රැස්වීමක් පැවැත්වීමට අදහස් කරන්නේ නම්, කොළඹ මෙම තත්ත්වය විසඳීමට පියවර ගතයුතු බව ඔවුන් දැනුම්දී තිබේ.
2023 අප්‍රේල් මාසයේදී, ඒ සඳහා සැලසුම් සකස් කරන ලද අතර, ගැටලුව විසඳීම සඳහා උපායමාර්ගික කමිටුවක් ද පිහිටුවා තිබේ.
අවසානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ අතර කොළඹ නගර සීමාවේ මාර්ග සංඥා අසල සිටින යාචකයන්ට ආධාර නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමට කටයුතු කෙරිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart