
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සතියේ (17) මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළුණු චීන ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් හත්දෙනකුගේ මළ සිරුරු ශ්‍රී ලංකා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් පසුගිය සතියේ අඟහරුවාදා අලුයම චීන ධීවර යාත්‍රාවක් වන “Lupeng Yuanyu 028” පෙරළීමෙන් පසු, අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයන් 39 දෙනෙකු බේරා ගැනීමේ ප්රයත්නයන්ට එක් විය.
මෙම යාත්‍රාව ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි පෙන්ග්ලායි ජිංලු ෆිෂරි සමාගමට අයත් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සමාගම තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
යාත්‍රාවේ සිටි පුද්ගලයන් 39 දෙනාගෙන් 17 දෙනෙක් චීන ජාතිකයෝ වන අතර, තවත් 17ක් ඉන්දුනීසියානුවෝ වෙති. ඉතිරි 05දෙනා පිලිපීන ජාතිකයෝ වෙති.
කෙසේවෙතත් ඒ අතුරින් මරණයට පත්ව ඇති පුද්ගලයන්ගේ අනන්‍යතාව මෙතක් අනාවරණය වී නැත.
චීන රජයේ ප්රකාශයන්ට අනුව ශ්‍රී ලාංකික කිමිදුම්කරුවන් යාත්‍රාවේ සිරව තිබූ ධීවරයන්ගේ සිරුරු සොයාගෙන ඇත.
සුන්බුන් වූ යාත්‍රාව සෙමෙන් නැගෙනහිර දෙසට ඇදෙමින් පවතින අතර, යාත්‍රාව ස්ථානය ආසන්නයේ තවමත් උපකාරක නැව් 13 ක් රැඳී සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart