
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග අද පැවැති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
තරගය පැවැත්වුණේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාති ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර කොදෙව් කාන්තා කණ්ඩායමට ආරාධනා කරනු ලැබීය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි එක්පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 195 කි.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews ලකුණු 38ක් රැස්කළාය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි කඩුලු 03 බැගින් දවා ගනු ලැබූහ.
ලකුණු 196ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart