October 1, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඔහුගේ ආරක්ෂක ප්‍රධානියා ඉල්ලා සිටි බව කියන වරප්‍රසාද පිළිබඳ විස්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නීති ලේකම් ෆර්මන් කාසිම් අයදුම්පතක් යොමුකර තිබේ.

සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක සහ වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවිකම පවසන්නේ වික්‍රමසිංහගේ ආරක්ෂක ප්‍රධානී නිසාම් ජමාල්ඩීන් විසින් යොමු කර ඇති බව කියන ලිපියක් මත තම පක්ෂය මෙම අයදුම්පත ඉදිරිපත් කර තිබෙන බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් ඒ සඳහා පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බව X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජයවික්‍රම සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%