
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ සියලුම සංවිධායකයන් පාහේ, තම නාමයෝජනා ලැබූ සියලුම දෙනාට පළාත් පාලන ආයතනවල ඉඩ සැලසීමට නොහැකි වීම නිසා කලකිරීමට පත්ව සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.
ඇය පවසන්නේ, පක්ෂ නායකත්වය සහ සංවිධායකයන් යන දෙපාර්ශ්වයම සුහද විසඳුමක් ලබා ගැනීම සඳහා සංවාදයක නිරත වියයුතු බවයි.
“අපේ පක්ෂයේ සියලුම සංවිධායකයන් පාහේ දුෂ්කර තත්වයකට මුහුණ දී සිටිනවා. පළාත් පාලන ආයතනවල සාමාජිකයන් ලෙස ඇතුළත් කර ගැනීමට කැමති බොහෝදෙනෙක් සිටිනවා. කොහොමවුණත්, පළාත් පාලන ආයතනවල සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් සමගි ජන බලවේගය දිනා ඇති බැවින් ඔවුන් සියල්ලන්ටම අවස්ථාව ලබාදෙන්න බැහැ. පළාත් පාලන ආයතනවල ඔවුන්ට ඉඩ සැලසීමට නොහැකි වූ විට, ප්‍රාදේශීය සංවිධායකයන්ට ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ සාමාජිකයන්ට මුහුණදෙන්න බැරිවෙනවා. මේ මොහොතේ සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය තමයි මේක” යැයි රෝහිණි කවිරත්න ජනමාධ්‍ය වෙත පැවසුවාය.
“සංවිධායකවරුන් ඉල්ලා අස්වීම් ඉදිරිපත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි. පක්ෂ නායකත්වය සමඟ සංවාදයක නිරත වී විසඳුමක් ලබාගත හැකිදැයි සොයා බැලිය යුතුයි” ඇය තවදුරටත් පැවසුවාය.
අනෙකුත් දේශපාලන පක්ෂද එවැනිම තත්වයකට මුහුණදිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සජබ බණ්ඩාරවෙල සහ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක චමින්ද විජේසිරි, රත්තොට සංවිධායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් එක් අයෙකු වන අශෝක සේපාල, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න ඇතුළු සංවිධායකයෝ විශාල පිරිසක් සති අන්තයේ ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වූහ.
මේ අතර, සජබ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ඉල්ලා අස්වූ සංවිධායකයින්ට සජබ සමඟ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය. “අපිට ඕනෑම ප්‍රශ්නයක් සංවාදයකින් සාමකාමීව විසඳාගත හැකියි,” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart