
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.
එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(08) විපක්ෂ නායක කාර්යාලයේ දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.
අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවට එහිදී වැඩිදුරටත් තීරණය වී ඇත.
එම සන්ධානය ගොඩනැගීම සඳහා පක්ෂ නායකයා ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගත යුතු බවටත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව තීරණ වී ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart