
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් දින කිහිපයක් ඉදිරිපත්කර තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ විසින් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යවමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා වෙනම දින සහ පක්ෂයේ ආර්ථික විශේෂඥයන් අතර යෝජිත විවාදය සඳහා වෙනම දිනත් යෝජනා කර ඇත.
ඒ අනුව ආර්ථික විශේෂඥයන් අතර විවාදය මැයි 27, 28, 29, 30 හෝ 31 යන දිනවලත් නායක දෙපළ අතර විවාදය ජුනි 3, 4, 5, 6 හෝ 7 යන දිනවලදීත් පැවැත්වීමට ඔහු යෝජනා කර ඇත.
ඒ අතරින් පහසු දිනයක් දන්වා එවන ලෙසත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය වෙත දන්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart