
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කර තිබේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින්, සභාපතිවරයා සිය නිවාඩුව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බවයි.
“ලංවිම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධ මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැහැ,” යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජය යටතේ ආචාර්ය සියඹලාපිටිය පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනි දින විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart