
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සය හැවිරිදි දරුවකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බව මරදන්කේනි තාලඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පෙරේදා දිනයේ(08) මෙම දරුවා සිය මාපියන් සමග කැනඩාවේ සිට මෙරටට පැමිණ ඇත්තේ ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගිවීම සඳහාය.
මියගිය දරුවා ඥාතියකුගේ නිවසේ නවත්වා මාපියන් අවමංගල උත්සවයට සහභාගීවීමට ගොස් තිබේ.
ඒ අතරවාරේ දරුවා මුහුදු වෙරළට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී රළ පහරට හසුව දියේ ගිලී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දරුවා නිවසේ නොමැති බව අනාවරණය වීමෙන් අනතුරුව සෝදිසි කිරීමේ දී දරුවාගේ පියසටහන් ඔස්සේ ප්‍රදේශවාසීන් ගොස් ඇති අතර, ඔවුනට දැක ගැනීමට හැකිව ඇත්තේ මුහුදේ පාවෙමින් සිටි දරුවාගේ සිරුර බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart