
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විකිණීමට යෝජිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු රජයේ අධ්‍යක්ෂවරුන් හයදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති බව සමාගම ඊයේ අනාවරණය කළේය.
ඒ, රියාස් මිහුලර්(විධායක නොවන ස්වාධීන සභාපති), කොටස් 120,000ක් හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී පත්කළ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු, ලලිත් සෙනෙවිරත්න, රංජිත් රූබසිංහ, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සහ භාණ්ඩාගාර නියෝජිත කේ.ඒ. විමලේන්ද්‍රරාජ් යන පිරිසයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිසංවිධානය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 වැනි දින භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදීමෙන් අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හයදෙනකුගේ ඉල්ලා අස්වීම් සිදුව තිබේ.
ඉල්ලා අස්වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වෙනුවට යෝජිත නව සාමාජිකයන් වන්නේ, කේ.ඩී.ඩී.ඩී. අරන්දර (සභාපති), ආචාර්ය කේ.ඒ.එස්. කීරගල, දිනේෂ් විදානපතිරණ, මහාචාර්ය කේ.එම්. ලියනගේ, ආචාර්ය ඩී.එම්.අයි.එස්. දසනායක සහ චතුර මොහොට්ටිගෙදර යන අයයි.
රොහාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධිත eChanneling Plc හි සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart