
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක කමිටු සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර, හිටපු ජනාධිපති සහ එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
එම කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර කියා සිටින්නේ, මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමක්” භාවිත කර වන්දි ගෙවා ඇති බවට පක්ෂ ආධාරකරුවන් අනුමාන කරන බවයි.
ඔහු අදාළ මුදල් ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එම පැමිණිල්ල ගොනුකර ඇත.
ඊයේ ඩේලි මෝනිං වෙත අදහස් දක්වමින් මොන්ටේගු සරත්චන්ද්‍ර පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබියදී මෛත්‍රීපාල සිරිසේනට කිසියම් පාර්ශවයක් විසින් අල්ලස් ලබාදී ඇති බවට සැකයක් පවතින බවයි.
මේ වන විට උසාවියේ නඩු රාශියක් විභාග වෙමින් පවතින බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මේ පිළිබඳව වහාම සොයාබැලිය යුතු බවද ඔහු සඳහන් කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන මෙතරම් විශාල මුදලක් ලබාගැනීම සහ ඔහු නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම අතර සම්බන්ධයක් ඇතැයි ඔවුන් සිතන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි ඉල්ලා අස්වීම පිටුපස ඇති හේතු සොයාගැනීම තරමක් අපහසු බව පැවසූ මොන්ටේගු සරත්චන්ද්‍ර, සිදුවීම්වල කාලානුක්‍රමික අනුපිළිවෙල මේ කාරණය සම්බන්ධයෙන් යම් ඉඟියක් සපයන බව සඳහන් කරයි.
එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඔහු ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart