August 31, 2026

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ‘වඩාත්ම සතුටින් සිටින යුගයේ ජනාධිපති’ (President of the Happiest Era) යන සම්මාන නාමය පිරිනමා තිබේ. ඒ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ උත්සවයකදීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර, සුප්‍රකට KGF චිත්‍රපට මාලාවේ රඟපෑ ඉන්දීය නළු ගරුඩා රාම් (Garuda Ram) ද අන්තර්ජාතික ආරාධිතයන් අතර සිටීම විශේෂත්වයකි.

දේශීය මෙන්ම විදේශීය ව්‍යාපාරික නායකයන්, ව්‍යවසායකයන්, වෘත්තිකයන් ඇතුළු ප්‍රමුඛ පෙළේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.