
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාටම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) දඩ ගසා තිබේ.
මීට හේතු වී ඇත්තේ බෝඩර්-ගවස්කාර් කුසලාන තරඟාවලියේ දෙවැනි ටෙස්ට් තරඟය අතරතුරදී පිටියේ සිදුකළ හැසිරීමයි.
පිතිකරුවකු(ට්‍රැවිස් හෙඩ්) දැවී යෑමෙන් පසු දැක්වූ ප්‍රතිචාරය අනුව ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සිරාජ්ට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර ඇත.
අන්තර්ජාතික තරඟයකදී ක්‍රීඩකයකු, ක්‍රීඩක සහායක පුද්ගලයන්, විනිසුරු හෝ තරඟ තීරක ගරු නොකිරීම සම්බන්ධ ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩ කිරීම සම්බන්ධයෙන් ට්‍රැවිස් හෙඩ්ට ද දඩ පනවා ඇත.
පසුගිය මාස 24 තුළ ඔවුන්ගේ පළමු වරද සනිටුහන් කරමින් සිරාජ් සහ හෙඩ් ඔවුන්ගේ විනය වාර්තාවල එක් දෝෂයක් බැගින් වාර්තා කර ඇත.
ක්‍රීඩකයන් දෙදෙනාම තම වරද පිළිගත් අතර තරග තීරක රන්ජන් මඩුගල්ල විසින් යෝජනා කළ දඩය පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart