August 28, 2025

රජයේ මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහට එරෙ­හිව කොටුව අධි­ක­ර­ණයේ නඩු කට­යුත්ත පැවති පෙරේදා (26) දින අධි­ක­ර­ණය අස­ලට පිරිස් සංවි­ධා­නා­ත්ම­කව රැස්කර අධි­ක­රණ කට­යු­තු­ව­ලට බල­පෑම් එල්ල කළ විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් 20කට වැඩි පිරි­සක් බුද්ධි අංශ විසින් මේ වන විට පැහැ­දි­ලි­වම හඳු­නා­ගෙන ඇත.

ඒ අය සම්බ­න්ධ­යෙන් තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු කිරී­මට බුද්ධි අංශ කට­යුතු කර­මින් සිටී.

එම දේශ­පා­ල­න­ඥ­යන් අතර හිටපු මැති ඇමැ­ති­ව­රුන් මෙන්ම දැනට පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥයෝ ද සිටින පැවැසේ.

කොළඹ හා අවට ප්‍රදේ­ශ­ව­ලින් බස් රථ යොදා ගනි­මින් මේ පිරිස් කොටුව අධි­ක­ර­ණය අස­ලට ගෙනැ­විත් ඇති බවත්, ඒ සඳහා මුදල් විය­දම් කළ පුද්ග­ල­යන් හඳුනාගනි­මින් සිටින බවත් බුද්ධි අංශ සඳ­හන් කරයි.

කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය අස­ලට රැස්ව සිටි මේ පිරි­සට කිරි පැකට්, වතුර බෝතල් සහ ආහාර වර්ග පවා විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් විසින් බෙදා දී ඇත.

බුද්ධි අංශ නිල­ධා­රීන් ඒ සිය­ල්ලක්ම නිරී­ක්ෂ­ණය කර සිය වාර්තා­ව­ලට ඇතු­ළත් කර තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරී­මට කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් දුන් නියෝ­ග­යට අනුව ඊයේ (27) වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ද විම­ර්ශන ආරම්භ කර තිබිණි.

බුද්ධි වාර්තා මෙන්ම විම­ර්ශන තොර­තුරු ඔස්සේ ද අධි­ක­ර­ණය අස­ලට පිරිස් රැස්කළ අය පැහැ­දි­ලි­වම හඳු­නා­ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ඉහළ නිල­ධා­රි­යෙක් පැව­සීය.

මේ විම­ර්ශ­න­යට අදා­ළව බුද්ධි අංශ විසින් ගත් වීඩියෝ සහ ඡායා­රූප දර්ශ­නත්, අධි­ක­ර­ණය අස­ලට පිරිස් රැස්කි­රී­මට කල්තියා සිටම පුව­ත්පත්, ගුවන්විදුලි සහ රූප­වා­හිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංවි­ධාන කට­යුතු කර­මින් විවිධ ප්‍රකාශ කළ පුද්ග­ල­යන් හඳුනාගැනීමේ කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ද ඊයේ ම ආරම්භ කළ බව එම නිල­ධා­රියා කීවේය.

ඊට අදාළ සංස්ක­ර­ණය නොකළ දර්ශන ජනමාධ්‍ය ආය­ත­න­ව­ලින් ගැනී­මට ද කට­යුතු කරනු ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන් සහ­කාර පොලිස් අධි­කා­රී­ව­ර­යකු ඇතුළු කණ්ඩා­ය­මක් විසින් මේ විම­ර්ශ­නය සිදු කරන බව ද එම නිල­ධා­රියා පැව­සීය.

රනිල් වික්‍ර­ම­සිංහ අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ ඉකුත් 22 වැනිදා අධි­ක­රණ ශාලාවේ රැඳෙ­මින් එහි සිදු වන දෑ වීඩි­යෝ­ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ග­ල­යන් සොයා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ තවත් කණ්ඩා­ය­ම­ක් ­වි­ම­ර්ශන ආරම්භ කර ඇත.

එම විම­ර්ශ­නය සිදු­ වන්නේ තාක්ෂ­ණික මෙහෙ­යු­මක් ලෙස බවත්, ඒ ඔස්සේ සැක­ක­රු­වන් හඳු­නා­ගැ­නී­මට හැකි­වනු ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රියා පැව­සීය.

එදින වැඩි වශ­යෙන් අධි­ක­රණ ශාලාවේ රැඳීසිටියේ නීති­ඥ­ව­රුන්ට අම­ත­රව විප­ක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් සහ මාධ්‍ය­වේ­දීන් බැවින් ඒ අය සම්බ­න්ධ­යෙන් ද විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් විම­ර්ශන පැවැ­ත්වනු ඇති බව එම උසස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.(දිනමිණ)