
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහනගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය අද (14) සමත් විය.
කොළඹ මහනගර සභා රැස්වීම් ශාලාවේදී අද (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය.
මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස්දෙනෙක්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරු වැඩි ඡන්දයෙන් පත්වීම එහිදී කැපීපෙණිනු අතර එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මන්ත්‍රීවරු පස්දෙනා ඡන්ද 60 ක් හිමිකරගැනීමට සමත් වූහ.
කොළඹ නගර සභාවේ පාලක ජාතික ජනබලවේගය නියෝජය කරමින් නිල බලයෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මුදල් කාරක සභාවේ සාමාජිකත්වය දරන්නීය.
ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දයාකාන්ත පෙරේරා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් යන අය මෙසේ වැඩි ඡන්දයෙන් මුදල් කමිටුවට පත්වූහ.
සමඟි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රෝයි බෝගහවත්ත පැවසුවේ මහ නගර සභා ආඥා පනතට අනුව ඕනෑම මහ නගර සභාව සියලුම මුදල් ගනුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව නගර සභාවේ මුදල් පිළිබඳව පාලනය අති බහුතරයකින් ඒකාබද්ධ විපක්‍ෂයට ලැබුණු බවත්ය.
මෙහිදී ඡන්ද 60 ක් ලැබීමෙන් කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට ඇති ප්‍රදර්ශනය වූ බවත් කොළඹ ජනතාවගෙන් ලැබුණු මෙම බලය ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය වෙනුවෙන්ම යොදාගන්නා බවත් ඒ මහතා කීය.
මෙම බලය කොළඹ මහ නගර සභාවේ පාලනයේ කකුළෙන් ඇදීමට යොදාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කී බෝගහවත්ත, ජනතාව වෙනුවෙන් කරන සියලුම හොඳ දේට සහයෝගය ලබාදෙන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart