
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා වශයෙන් ශුබ්මන් ගිල් පත්කර ඇති අතර, ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 37 වැනි නායකයා බවට පත් වූ ක්‍රිකට් ක්‍රීඩකයා වේ.
මෑතකදී විශ්‍රාම ගිය රෝහිත් ෂර්මා වෙනුවට ඔහුව පත්කර ඇති අතර, ලබන (20) වැනි දින ලීඩ්ස් හිදී ආරම්භ වන එංගලන්තයට එරෙහිව තරග පහකින් යුත් තරගාවලියේදී ඔහුගේ නායකත්ව වගකීම ආරම්භ වනු ඇත.
එළඹෙන සංචාරය සඳහා සාමාජිකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතය තෝරාගැනීමෙන් අනතුරුව එම නිවේදනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
ටෙස්ට් තරඟ සඳහා ශුබ්මන් ගිල් ද, විස්සයි විස්ස තරඟ සඳහා සූර්යකුමාර් යාදව් සහ එක්දින තරඟ සඳහා රෝහිත් ශර්මාද පත්කර ඇති අතර, ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් නායකයන් තිදෙනෙකු සිටින පළමු වතාව මෙය වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart