May 26, 2025

පානදුර, මඩුපිටිය ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඇති බව පොලිසිය පවසයි.

9mm වර්ගයේ පිස්තෝලයක් භාවිත කර සිදුකරන ලද මෙම වෙඩිතැබීම ඉරිදා රාත්‍රියේ සිදුව ඇත.

සිද්ධියෙන් පසු සැකකරුවන් එම ස්ථානයෙන් පළාගිය බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.