
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැර සහ මහනුවර ඇසළ පෙරහැර එකම දිනක පැවැත්වීම හේතුවෙන් පෙරහර දෙකටම අලි ඇතුන් සහභාගි කරවා ගැනීම ගැටලුවක් වී ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
මෙවර මහනුවර ඇසළ පෙරහැර සඳහා අවම වශයෙන් අලි ඇතුන් 60 දෙනකුට සහභාගි විය හැකි බව ඔහු ඩේලි මිරර් වෙත පවසා ඇත.
මීට පෙර පැවැති මහනුවර ඇසළ පෙරහැර වාරවලදී අලි ඇතුන් 75 දෙනකු සහභාගී වූ බවද ඔහු සඳහන් කර තිබේ.
“රටේ හීලෑ අලි ඇතුන් 96 දෙනෙක් සිටියා. නමුත් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් සහ වෙනත් ගැටළු හේතුවෙන් මෙවර පෙරහැර සඳහා රැගෙන යා හැක්කේ අලි ඇතුන් 80 දෙනෙකු පමණයි. රත්නපුර මහා සමන් දේවාලයේ පෙරහැර සඳහා අවම වශයෙන් අලි ඇතුන් 20 ක් යවනු ලැබේ. ඉතිරි අලි ඇතුන් මහනුවර ඇසළ පෙරහැරට යොදවනවා.” යැයි දියවඩන නිලමේවරයා පවසයි.
2000 වසරේදී මෙරට හීලෑ කළ අලි ඇතුන් 225ක් සිටි නමුත් මේ වන විට එම අලි සංඛ්‍යාව 96 දක්වා අඩු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart