
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිවේරියේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ” වේග බට්ටා” ට වෙඩි තැබූ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ වෙඩි පහරට ලක්ව මියගිය මිනුවන්ගොඩ කළු අජිත් නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු බවට ද අනාවරණ වී තිබේ.
ඔහු පෙරේදා (13) ගම්පහ කටුවැල්ගොඩ පොළ අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඊයේ (14) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 34 හැවිරිදි මිනුවන්ගොඩ අත්කම් නිවාස සංකීර්ණයේ පදිංචි ඔහු ලබන 21 දක්වා රදවාගෙන විමර්ශන කිරීමට පොලිසියට අවසර ලබාදී තිබේ.
පසුගිය 05 වනදා වැලිවේරිය ජුබිලි මාවතේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර එහිදී නුවන් රංජන් විජේසිංහ හෙවත් වේග බට්ටා යන නමින් හඳුන්වන පාතාල සාමාජිකයා තුවාල ලැබීය.
මෙය ඩුබායිහි සිටින අපරාධකරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවූ බව ද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart