
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වීඩන ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම ඊයේ වාර්තා විය.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ස්විඩනයේ ස්ටොක්හෝම් නගරයට බටහිර දෙසින් පිහිටි උසස් අධ්‍යාපන ආයතනයකදී එම වෙඩිතැබීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් තුවක්කුකරු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනකු මියගිය බව වාර්තා වේ.
බලධාරීන් අනතුරු ඇගවූයේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
පාසල් තුළ වෙඩිතැබීම් සහ තුවක්කු ප්‍රචණ්ඩත්වය ඉතා දුර්ලභ වන ස්වීඩනය තුළ එවැනි ලේ වැගිරීම් සහිත ප්‍රහාරයක් එල්ල වීම කණගාටුදායක බව අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටසන් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.
“මෙය ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩිතැබීමයි, එමෙන්ම ප්‍රශ්න රාශියකට තවමත් පිළිතුරු ලැබී නොමැති” ඔහු පැවැසුවේය.
බලධාරීන් පෙන්වා දුන්නේ, වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා ඉන් අපේක්ෂා කළේ කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
Campus Risbergska නමින් හැඳින්වෙන මෙම පාසල, වයස අවුරුදු 20 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන පන්ති, සංක්‍රමණිකයන් සඳහා ස්වීඩන් භාෂා පන්ති, වෘත්තීය පුහුණුව සහ බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
එය ස්ටොක්හෝම් සිට කිලෝමීටර් 200 ක් (සැතපුම් 125) බටහිරින් ඔරෙබ්‍රෝ නගරයට ආසන්නයේ පිහිටා ඇත.
ස්විඩනයේ අධිකරණ අමාත්‍ය Gunnar Strömmer මෙම වෙඩිතැබීම හැඳින්වූයේ “අපගේ මුළු සමාජයම එහි හරයට කම්පා කරන සිදුවීමක්” ලෙසිනි.
අඟහරුවාදා දහවල් මෙම වෙඩිතැබීම ආරම්භ වූයේ ජාතික විභාගයකින් පසු බොහෝ සිසුන් නිවෙස් බලා යෑමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart