July 19, 2025

අද (19) අලුයම තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

වාර්තාවලට අනුව, මෙම සිද්ධියේදී කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

පසුව එම ස්ථානයට පැමිණි තුන්වැනි පුද්ගලයකු ආයුධයක් භාවිත කර වෙඩිතබා ඇති බව කියනු ලැබේ.

බලපත්‍රලාභී රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි එම පුද්ගලයා විරුද්ධ කණ්ඩායම බියගැන්වීමේ උත්සාහයක් ලෙස බිත්තියකට වෙඩිතබා ඇති බව තවදුරටත් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.