
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බවට වාර්තා වෙයි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙම වසර අගදී ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවයි.
ඒ අනුව ඇය එළඹෙන ඉන්දීය මහ මැතිවරණයෙන් පසු නවදිල්ලි නුවරට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් වාර්තා පළ වූයේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරය ජුනි මාසයේදී සිදුවනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමගයි.
කෙසේවෙතත් ෂෙයික් හසීනාගේ මෙම ඉන්දීය සංචාරය ඇය යළිත් වරක් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වීමෙන් පසුව සිදු කෙරෙන පළමු විදෙස් සංචාරය වනු ඇති බවටයි වාර්තා පල වන්නේ.
ඉන්දියාව සහ බංග්ලාදේශය සමීප මිතුරු රාජ්‍යයන් වන අතර ඔවුන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සමීප සබඳතා පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart