
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පක්ෂ කිහිපයක් ඒකාබද්ධ කරගත් සන්ධානයක් හරහා බලය ස්ථාපිත කර හිටපු අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ මීළඟ අගමැතිවරයා ලෙස නම්කරනු ලබන බව එරට මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කර ඇත.
පකිස්ථාන මහජන පක්ෂය (PPP) ඊයේ කියාසිටියේ, සුළුතර ආණ්ඩුවක්ක පිහිටුවීමට ෂරීෆ්ගේ පක්ෂයට සහාය දෙන බවයි.
ෂරීෆ්ගේ පක්ෂයේ ප්‍රකාශකයකු වන Marriam Aurangzeb, X සමාජ මාධ්‍ය වේදිකාවේ පවසා ඇත්තේ, ෂෙහ්බාස්ගේ වැඩිමහල් සොහොයුරා වන නවාස් ෂරීෆ් විසින් එම තනතුර සඳහා ඔහුව නම් කර ඇති බවයි.
ෂෙහ්බාස් ෂරීෆ් ඔහුගේ සහෝදරයාගේ පාකිස්තාන මුස්ලිම් ලීගයට (PML-N) අයත් වේ.
මෙවර මැතිවරණයෙන් ආසන 80 ක් ලබාගත් PML-N පක්ෂයට ආසන 54 ක් ලබාගත් මහජන පක්ෂයේ සහාය හිමිව ඇත.
එම ආසන සංඛ්‍යාවේ එකතුව පාකිස්ථාන පාර්ලිමේන්තුවේ සරල බහුතරය සඳහා ප්රමාණවත්ය.
සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් සහාය දක්වන ස්වාධීන අපේක්ෂකයන් ආසන 92 ක් දිනා ඇති අතර, ඔවුන් විශාලතම කණ්ඩායම බවට පත් කර ඇත. එහෙත් ඔවුන්ට තනිව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමේ හැකියාව ලැබී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart