
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට ලබාදී ඇතැයි කියන උපදේශක භූමිකාව පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ගෙන්වා ඊයේ (14) පැවැත්වූ රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකර ඇත.
“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බඳවා ගත්තාද? රැකියාව සඳහා වැටුපක් ගෙවා තිබේද?” ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.
සක්‍රීය රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියකුට මෙවැනි යෝජනාවක් කිරීම වැරදි බවත්, එය අල්ලසක් ලබාදීමට සමාන බවත්, හෙතෙම එහිදී පවසා ඇත.
මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසා ඇත්තේ, ක්‍රියාකාරී පොලිස් නිලධාරියකු බඳවාගෙන නොමැති අතර එවැන්නකුට මුදල් ගෙවා නොමැති බවයි.
කෙසේවෙතත් පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාව ඉන්ධන හිඟයක් ඇතුළු දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවක කණ්ඩායම තරඟාවලිවල නිරත වූ බැවින්, ආරක්ෂක උපදේශකවරයකුගේ භූමිකාව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට පිරිනැමූ බව ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා එහිදී අනාවරණය කර ඇත.
එහිදී එම උසස් පොලිස් නිලධාරියා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන් අනතුරුව කෝප් කමිටු සාමාජිකයන්, මෙම නිශ්චිත රැකියා පිරිනැමීම සම්බන්ධයෙන් තම ක්‍රියාවලියේ අඩුපාඩුවක් සිදුවී ඇති බව පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයින්ට දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart