
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් රටේ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ලබන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිතය.
බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ශකීබ්ව තෝරාගෙන ඇත.
අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් Obaidul Quader ඊයේ පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.
හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායකයකු වන මෂ්රෆි මෝර්ටසා ද මේ වන විට දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඔහු මෙවරද නාමයෝජනා ලබාගෙන ඇත.
ෂකිබ් සහ මෝර්ටසා හැරුණු විට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්ද 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති බව ESPN Cricinfo වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart