
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර තිබේ.
බංග්ලාදේශ බැංකු ප්‍රකාශක Husne Ara Shikha බදාදා ජනමාධ්‍ය වෙත මෙම තොරතුරු තහවුරු කළේය.
මීට පෙර, ඔක්තෝම්බර් 2 වෙනිදා, බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් ෂකීබ් අල් හසන්, ඔහුගේ බිරිඳ Umme Ahmed Shishir සහ ඔහුගේ ව්‍යාපාරික ආයතනවල සියලුම බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා සිටියේ, කොටස් වෙළඳපොල හැසිරවීම් සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස ය.
පරීක්ෂණයෙන් පසු රජයේ උපදෙස් මත නවතම තීරණය ගෙන ඇත.
ෂකීබ් මේ වන විට සිය පවුලේ අය සමඟ එක්සත් ජනපදයේ රැඳී සිටී.
ඔහුට ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය අහිමිවනු ඇතැයි වාර්තා වේ. ඊට හේතුව එම තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමයි.
කෙසේවෙතත් මෙම තුන්ඉරියව් ක්‍රීඩකයා පසුගිය සැප්තැම්බර් අග දී, තමා ටෙස්ට් සහ T20I තරඟවලින් විශ්‍රාම යන බව නිවේදනය කළේය.
ෂකීබ් පසුගිය බංග්ලාදේශ මහමැතිවරණයට අවාමි ලීගයෙන් අපේක්ෂකයකු ලෙස ඔහුගේ උපන් ගම මගුරා වෙතින් තරඟ කර පාර්ලිමේන්තුවේ අසුනක් දිනාගත්තේය.
අගෝස්තු 5දා, ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ෂකීබ්ට ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි විය.
අනතුරුව අගෝස්තු මාසයේදී මිනීමැරුම් නඩුවකට ෂකීබ් නම්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart